පෙර සංසාරේ පැතුමක්දෝ ඔබpera sansaaree paethumakdhoo oba

Pera Sansare Pathumakdo Oba

Lyrics

පෙර සංසාරේ පැතුමක්දෝ ඔබ
මේ සංසාරේ හමුවූයේ
කොහි සිට මේ ලෙස ආවාදෝ ඔබ
තනිකම මා සිත දවන වෙලේ //

සිතුවිල්ලක්වී සැරිසරනු එපා
හදවත ගැස්සෙයි උදේ හවා
සෙවනැල්ලක් වී ඔබ පෙනෙනු එපා
නෙත නිදි නොලබයි රැයම පුරා //

පෙර සංසාරේ ....

දේදුන්නක් සේ නෙත නෙත පිනවනවා
වැහිබර අහසට මුවා වෙලා
පවනැල්ලක්වී ඔබ දැවටෙනවා
සිත්මල් පෙති මත පිණි ඉසලා // 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.