පෙර පිනටpera pinata

Pera Pinata

Lyrics

පෙර පිනට මට ඔබව හිමි වූ නිසා 
මගෙ ආත්මයම හරිම ලස්සන උනා 
(කවදාක හෝ දෙනෙත පියවෙන තුරා 
මා ඔබගෙ ඔබ මාගෙ විතරයි සදා...//)

එක සෙවනකට වෙන්න පෙරුමන් පුරා 
රහසෙම අපේ සෙනෙහෙ උතුරා ගියා 
භවයෙන් භවේ ඉඳන් ඔබ එක්ක මා 
එන බව දුටුවදාම දෑරුම් ගියා    
ඔබ මාගෙ විතරයි සදා  
මා ඔබගෙ විතරයි සදා 

පෙර පිනට මට ඔබව....

මට ඔබ තරම් වටින තව සම්පතක් 
මේ ලෝකෙ හමුවෙන්නෙ නෑ ආයෙමත් 
ඇස් දෙක වගේ නුඹව රැක ගමි මමත් 
මගෙ ආත්මයම ඔබට බාරයි තවත්
ඔබ මාගෙ විතරයි සදා  
මා ඔබගෙ විතරයි සදා 

පෙර පිනට මට ඔබව....
(මා ඔබගෙ ඔබ මාගෙ විතරයි සදා...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.