පෙර දිනේ වාගේpera dhinee waagee

Pera Dine Wage

Music:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
Lyrics:
සජිත් චතුරංගsajith chathuranga

Lyrics

පෙර දිනේ වාගේ හමුවෙලා අපි ආයේ
රැඳුණොතින් දුක මහදේ ඔබට පවසන්නම් මගේ
මට නුඹ තරම් වෙන කෙනෙක් තාම ලැබුණේ නෑ
ලැබුණත් කෙනෙක් ඔබට මෙන් පෙම් කරන්නත් බෑ....

තවම ඔබේ පින්තූරේ සඟවගෙන ලොවට රහසේ
එයට මගේ හැම කීවේ ඔබත් ළඟ නැති නිසානේ
හැමදාම සිහිපත් වෙනා කිසිදා යළි මුණ නොගැහෙනා
මට අහිමි වූවත් ඔයා...

පෙර දිනේ වාගේ.....

ගෙවෙන පැයේ දිවිය මගේ එකම පැතුමයි පතන්නේ
ලබන අපේ සංසාරේ ළඟම ඉමු එකම හෙවණේ
මට ආයේ ලැබුණොත් ඔයා මැණිකක් වාගේ රැකගන්නවා
මගේ හදවතේ රඳවලා...

පෙර දිනේ වාගේ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.