පෙර භවයකpera bhawayaka

Pera Bawayaka

Music:
මදුරංග ගමගේmadhuranga gamagee
Lyrics:
ප්‍රදීප් චන්දිමpradhiip chandhima

Lyrics

පෙර භවයක අපි දෙන්නා ආදරින් සිටියදී
වෙනකෙක් ඇවිදින් ඔබ මගේ ළඟින්
රැගෙන යන්නැති......
මම ඔහුගේ හිතේ ඇති දේ නොදනිමි
ඒ නිසා ඒ භවයේ අපි දෙන්නා වෙන් වෙන්නැති......

මේ භවයේ අපි ආයෙමත් හමුවුණේ ඇයි
පතාගෙන ආ මේ දුක උරුම මටනේ
මේ භවෙත් ඔහු ඔබට හමු වූවොතින්
පෙර මතක යළි සිතට නැගෙයි මොහොතින්......

මං විඳින දුක මගේ මේ හිත විතරමයි
මේ භවෙත් මට උරුම කඳුළුම තමයි
ගෙවෙන මොහොතක් ගානේ 
පතන්නේ මෙලෙසයි එන භවයේ හෝ 
ඔබ මගේ විතරක්ම වෙන්නයි......

පෙර භවයක......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.