පෙම්වතුන් සිනාසේ අප කඳුළු සලන්නේpemwathun sinaasee apa kandulu salannee

Pemwathun Sinase

Lyrics

පෙම්වතුන් සිනාසේ අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනිවී විසඳුම් සොයනු කෙසේ

මා තුරුලේ හිඳිනා උනුසුම් යහනාවේ
ඉකිබිඳිමින් හැඬුවා මතකද ගංතීරේ
මගෙ ලොව ඔබවේ නම් සැකයෙන් ඇයිද මෙසේ
ඔබ මිස වෙන සතුටක් කොයිබද මියුලැසියේ

මල හිරු බැස යද්දී සඳු පායා ඒවී
අළුත් ඉරක් පායා හෙට දිනයක් ඒවී
අද ශෝකෙන් වෙලිලා යහනේ සැතපේදෝ
අරුනළු උදාවෙලා මුව විකසිත වේදෝ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.