පෙම් සිලිලාරේpem sililaaree

Pemsililare Thun Sitha

Album
Ran Tikiri Sina

Lyrics

පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී 
විහිදී විසිරෙන්නා 
වසන්ත ගීතේ පවනේ පාවේ
විල්තෙර නිල්ලේ හද සන්සුන් කළ 
ගී හඬ යලි ඇසුනා 
කව්දෝ ආවේ කව්දෝ ආවේ.....

පෙර දිනේ සොඳුරු රුව ඔබේ 
නෙතු කොනේ ඇඳි පැයේ
ආදරේ මං පෙතේ 
ආවේ දෑත ගෙන දෙන්නා

පෙම් සිලිලාරේ...

හසරැලි තොලග නැගී නැගී 
හද නිවී සිහිල දේ
ආදරේ මං පෙතේ 
ආවේ දෑත ගෙන දෙන්නා

පෙම් සිලිලාරේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.