පෙම්පත ඉරන්නෙපාpempatha irannepaa

Pempatha Irannepa

Lyrics

පෙම්පත ඉරන්නෙපා ගුරුතුමනී
අකුරට ආදා ඇගේ සිත බැඳුනී
ඈ අතහරින්න මට දුක හිතුනී
මට සමාවෙන්න කවුරුද වැරදී

යෞවනයෙදි උපදින පෙම් සිහින
දිග පළලක් නැහැ ඇති නැති වීම
මා ආදරයේ දෙවියෙකු වීම
(ඇරඹුණු තැන ඇයගේ හමුවීම)..//

පෙම්පත ඉරන්නෙපා....

පොත පතටත් අපි හරිම ආදරෙයි
අපි අපිටත් ඒ වගෙම ආදරෙයි
වැරදුනොතින් ජීවිතය පාළු වෙයි
(දන්නා තරමට නපුරක් නොම වෙයි)..//

පෙම්පත ඉරන්නෙපා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.