පෙමින් බැඳෙන්නයිpemin baendennayi

Pemin Bendennai

Music:
හෙන්රි කල්දේරාhenri kaldheeraa
Lyrics:
හෙන්රි කල්දේරාhenri kaldheeraa

Lyrics

පෙමින් බැඳෙන්නයි පෙම් කතා කියන්නයි 
මෙයින් මතූ කරන්නෙ නෑ ආරාධනා 
ළඟින් ඉඳින්නයි නිරතුරු පැතුම් පතන්නයි 
(මෙයින් මතූ කරන්නෙ නෑ ආයාචනා.....//)

(දෙමාපියන් පවා කියා පෙමින් බැඳෙන්නේ 
පැතුම් බිඳී දුකින් තැවී සුසුම් හෙළන්නේ....//)
මේකද මේ ආදරේ මිහිර කියන්නේ ආදරයෙන් 
වෙන්වුණු තැන් නැද්ද දිලෙන්නේ 
(මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ....//)

පෙමින් බැඳෙන්නයි.....

කෙනෙක් දිහා නෙතින් බලා හැඟුම් දෙවන්නේ 
තවත් කෙනෙක් අතේ වෙලී තොරන් බඳින්නේ
කෙනෙක් දිහා නෙතින් බලා හැඟුම් දෙවන්නේ 
මේකද මේ ආදරයේ මිහිර කියන්නේ ආදරයෙන් 
වෙන්වුණු තැන් නැද්ද දිලෙන්නේ….. 
(මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ.....//) 

පෙමින් බැඳෙන්නයි.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.