පෙමින් බැඳෙන්නයි පෙම් කතා කියන්නයිpemin baendennayi pem kathaa kiyannayi

Pemin Badennai Pem

Lyrics

පෙමින් බැඳෙන්නයි පෙම් කතා කියන්නයි
මෙයින් මතුව කරන්නෙ නෑ ආරාධනා
ළඟින් සිටින්නයි-නිරතුරු පැතුම් පතන්නයි
මෙයින් මතූ කරන්නෙ නෑ ආයාචනා
මෙයින් මතූ කරන්නෙ නෑ ආයාචනා

දෙමාපියන් පවා කියා පෙමින් බැඳෙන්නේ
පැතුම් බිඳී දුකින් තැවී සුසුම් හෙලන්නේ
දෙමාපියන් පවා කියා පෙමින් බැඳෙන්නේ
මේකද මේ ආදරයේ මිහිර කියන්නේ
ආදරයෙන් වෙන් වුණු තැන් නැද්ද දිලෙන්නේ
මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ
මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ

කෙනෙක් දිහා නෙතින් බලා හැඟුම් දෙවන්නේ
තවත් කෙනෙක් අතේ වෙලී තොරණ් බඳින්නේ
කෙනෙක් දිහා නෙතින් බලා හැඟුම් දෙවන්නේ
මේකද මේ ආදරයේ මිහිර කියන්නේ
ආදරයෙන් වෙන් වුණු තැන් නැද්ද දිලෙන්නේ
මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ
මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.