පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැළුම්pemaathura haengum aegee neth kaelum

Pemathura Hagum

Lyrics

පෙමාතුර හැඟුම් - ඇගේ නෙත් කැළුම්
හද සංතානේ සදා සරණා අයාචනා සුසුම්..
නුරාගික පැතුම් - පිපාසිත සිතුම්
මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන්..

නියාළුව හදින් - පියා නෙතුපියන්..
යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින්..
මුදා නිදි දැහැන් - එබී ලෙන් දොරින්..
අරාජික පරාදීසය සොයා එමි සිතින්..

අරා සිරි යහන් - නිදා වැතිරෙමින්..
සරා සළෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින්..
සුරා මල් පැණින් - පොඟා යුග ලවන්..
පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.