පෙමක් ලඟ එක හිතක්pemak langa eka hithak

Pemak Laga Eka Hithak

Music:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
Lyrics:
ආරධනා ඒකනායකaaradhhanaa eekanaayaka

Lyrics

පෙමක් ලඟ එක හිතක් නැති පෙම්වතියේ 
රවටලා හිත කෙලෙසින් පෙම් කෙරුවේ 
මගේ ලඟින් උන් කාලයේ 
පණ ලෙසින් මා ඔබව රැක්කේ   
ඔබෙ සිතට මගේ සෙනෙහේ මදිවී 
ඔබ ගියා මගෙන් වෙන්වී 
(පෙමක් ලඟ එක හිතක් නැති පෙම්වතියේ)...// 

ලොවට රහසින් පෑව සෙනෙහේ 
මටම විතරයි මෙමා සිතුවේ 
තව හිතක් ලඟ පෙම් සිහින රැකලා 
මට හොරෙන් ඔබ ඔහුවම පැතුවා 
පෙමක් ලඟ එක හිතක් නැති පෙම්වතියේ     
ඔබෙ සිතට මගේ සෙනෙහේ මදිවී 
ඔබ ගියා මගෙන් වෙන්වී 
(පෙමක් ලඟ එක හිතක් නැති පෙම්වතියේ)...// 

දිනෙක ඔහුගේ දෑතෙ වෙලිලා 
ඔබම යාවී මෙමා හැරදා 
ඒ දිනේවත් තරහ වෙන්නේ නෑ මා 
තනිව ඉන්නම් මා ඔබට සුබ පතලා 
පෙමක් ලඟ එක හිතක් නැති පෙම්වතියේ     
ඔබෙ සිතට මගේ සෙනෙහේ මදිවී 
ඔබ ගියා මගෙන් වෙන්වී 
(පෙමක් ලඟ එක හිතක් නැති පෙම්වතියේ)...// 
 
ඔබෙ සිතට මගේ සෙනෙහේ මදිවී 
ඔබ ගියා මගෙන් වෙන්වී 
(පෙමක් ලඟ එක හිතක් නැති පෙම්වතියේ).../// 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.