පෙම් තාලම්pem thaalam

Pem Thaalam

Music:
යුකී නවරත්නyukii nawarathna
Lyrics:
යශෝධා අධිකාරිyashoodhhaa adhhikaari

Lyrics

අවාරයේ ආ වියවුල් හිත නොවන සේම ඉවසුම්
මගේ හිතේ කෙටි නැවතුම් යළි යළිඳු දේවි විමසුම්
විරාගයේ හිත දුහුලැල් වේවිදෝ නේක පැටලුම් 
ජීවිතේ වූ හරසුන් පෙම පසිඳලාවි පැහැදුම්

ඒ දෑසෙන් කීව පිළියම්
මේ ප්‍රේමෙන් ගේන සැනසුම්
අල්තාරෙන් ආව ඇමතුම්
නවතයි මගේ හිතේ දෙදුරුම්

නිම්නාදෙන් ගේන හිනැහුම්
රෑ හීනෙන් පේන පැහැදුල්
මංතීරේ රෑක දිරි දුන්
හැඟුමෙන් වේවි හිතම නිරවුල්

තුන්‍ යමේ නුඹ  කෙරේ
මුදු මදනල් පෙම් තාලම්
මැදියමේ තුන්හිතේ
පිළි රැව් දෙයි හරි දේවල්

සීරුවෙන් මෘදු හැඟුම්
සිර කරවා මා නොඑන මන්සලෙන්
හිත හංගං මං සල්ලාපයේ 
ස්නේහයෙන් ආදරෙන්

හිත සනසා පාන එක බැල්මකින්
ආනන්දෙන් හිතම නිවේ
තුන්‍ යමේ නුඹ කෙරේ
මුදු මදනල් පෙම් තාලම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.