පෙම් මල් මාලාpem mal maalaa

Pem Mal Mala

Lyrics

පෙම් මල් මාලා - නෙලා ගොතාලා - ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා 
වීර ඔබගේ - ගෙළේ දමාලා - ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා 

ආලය මෝරා කුසුමේ නැහැවී - බෝ කල් වූවා මා මනමාලි
රාජිණී - සුවිනීත බාරී - රාජිණී යස මා හැඩකාරී
සොයාලා ආවේ මා මනමාලි - ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා 

ඔබේ රෑපෙහි ඡායා ඇඳුනීය හෘදේ - කුසුමා ඔබෙමයි මාගෙ රජින්දේ
පියඹා ආවා ප්‍රේම කුරුල්ලා - ස්වප්න පුරේහි කූඩු තනන්ටා
මහබඹා යස පාර සොයාලා - ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා 

රිදී කුමාරී අහසෙහි පාවී - කෝමළ ප්‍රේමී පතාවී අසිරී
ඔබවේ මාගෙ සිරිකත කුසුමා - මා ඔබේමයි නෑ සැක පැතුමා
ඇගේ ප්‍රබෝදේ මෝරා මෝරා - ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.