පෙම් ලොවේ සහනයpem lowee sahanaya

Pem Lowe Sahanaya Mata Deela (Cover Version)

Lyrics

පෙම් ලොවේ සහනය මට දීලා
පෙම් සුවේ මා සිත රඳවාලා...
ළංවෙලා ඉන්නකෝ

මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා...

වෙන්වෙලා...ඔබ මා රිදවාලා...
යන්නෙපා මා හට පිටුපාලා
ළංවෙලා ඉන්නකෝ
මට වෙන්වන සිතක් නෑ...
මා ඔබෙන් මිදිලා...

මා ආදරේ ඔබ කී මුල් දිනේ
ඒ මතකේ නෑ මැකී ගියේ...
මේ ජීවිතේ නෑ සන්තාපේ
මිහිරියි අපේ ආදරේ...

පෙම් ලොවේ සහනය මට දීලා
පෙම් සුවේ මා සිත රඳවාලා...
ළංවෙලා ඉන්නකෝ
මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා...

වෙන්වෙලා ඔබ මා රිදවාලා
යන්නෙපා මා හට පිටුපාලා
ළංවෙලා ඉන්නකෝ
මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා.../

ඒ වාගෙමයි...තාමත් සිතේ
මා සැනසූ ඒ ආදරේ...
මේ ආදරේ මේ පෙම් ලොවේ
සනසයි අපේ ජීවිතේ...

පෙම් ලොවේ සහනය මට දීලා
පෙම් සුවේ මා සිත රඳවාලා...
ළංවෙලා ඉන්නකෝ
මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා...

මා ඔබෙන් මිදිලා...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.