පෙම් ලොව නින්දෙදිpem lowa nindhedhi

Pem Lowa Nindedi

Music:
සරත් දසනායකsarath dhasanaayaka
Lyrics:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

Lyrics

පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ
දැන් එලි වී ඇත හඳ වගෙ ලස්සන මුහුණේ
(හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි...//)
පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ.....

බඳ නලවාලා උකුල සලාලා
මුව විදහාලා මුකුළු නගාලා
රන්දාලා අන්දාලා නාරි ලතා ලීලා
(හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි...//)
පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ.....

මල් සරා අසු අරා එයි නුරා හී දරා
රස දහරා රළ පීරා ආදරේ තෝරා
හද පොපියයි සිත නලියයි
(හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි...//)

පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ
දැන් එලි වී ඇත හඳ වගෙ ලස්සන මුහුණේ
(හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි...//)
පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.