පෙම් කිඳුරාpem kinduraa

Pem Kindura

Music:
ශලින්ද්‍ර ද සිල්වාshalindhra dha silwaa
Lyrics:
නිලන්තිnilanthi

Lyrics

සඳ කැල්මෙන් නාවා හිම යායෙන් ආවා
ඔබ සොයාලා පෙම් කිඳුරා
ඇස් මායිම් ගාවා දුක් කඳුලක් දීලා ඔබ නොරිදා ඉඳිමි මා
ජීවිතයෙ පෙම් සුවඳ ඔබ නම් ඒ සුවඳින් මා මත් වෙන්නම්
ඔය හිතම මා ළඟම ඇත්නම් ඒ හිතට මා ළංවෙන්නම්.......

හිත් ගඟුලේම ගිලිලා මා සනසන්න සුහදේ
මුලු දිවියේම රැඳිලා තව රස දෙන්න මිහිරේ
මේ දිවියේ මල් පිපුනේම ඔබ හින්දාදෝ
රෑ සඳ සේ මේ දිවියේම එළියයි ඔයා.....

සඳ කැල්මෙන් නාවා.......

මුලු සසරේම බැඳිලා ඈ මගේ වෙන්න පැතුවේ
ඇයි සිතුසේ ම සිඹලා ඔය නිල් දෑස වැසුවේ
මේ දිවියේ මල් පිපුනේම ඔබ හින්දාදෝ
රෑ සඳ සේ මේ දිවියේම එළියයි ඔයා......

සඳ කැල්මෙන් නාවා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.