පෙම් කවක් ලියූ නුඹpem kawak liyuu numba

Pem Kawak Liyu Numba

Lyrics

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ.. 
එය මකා දමා ගිය හැටි රහසේ..
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ..
පෙම් පුරාවතක්.., නිමා කරන්නද මා කෙලෙසේ...

නුඹ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්...//
යලි එන්නනම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්..

පෙම් කවක් ලියූ නුඹ...

හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
දුන් සතුට එපමණද මට පවසම්...//
සඳ එලිය පොළොවටයි හිමිවූයේ..
සඳ අහසෙ රැදුනාට රත්තරනේ...

පෙම් කවක් ලියූ නුඹ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.