පෙම් කථා තව එපා මගෙ සිතින් නුබ ගියාpem kathhaa thawa epaa mage sithin nuba giyaa

Pem Katha Thawa Epa

Lyrics

පෙම් කථා තව එපා මගෙ සිතින් නුබ ගියා
මා නුබෙන් වෙන් වුනේ නූබෙම වරදින් තමා
හද පුරා වේදනා නුබෙ නමින් ලියවිලා
මා කෙසේ ඉන්නදෝ විද දරන් වේදනා

මා නුබේ මයි කියා කීව හැම සුන් උනා
යලිත් සසරේ පුරා එන්නෙ නෑ ඔබ සොයා
දුක තියා හදවතේ ආදරේ ඉල්ලුවේ 
මා නොවෙයි නුබ තමා මට මාව නැති කලේ

පෙම් කථා තව එපා

මාව කඳුලේ තියා ඔබ මගෙන් වෙන් උනා
යලිත් සසරේ සරා එන්නේ නෑ ඔබ සොයා
සංසාර සිහිනයේ යළි එන්නෙ පා ඔය
වැරදි නැ මා අදත් හදේ සුසුමන් සාදා

පෙම් කථා තව එපා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.