පෙම් කල සිත ළඟpem kala sitha langa

Pem Kala Sitha Laga

Music:
අනුරාධ දුෂ්‍යන්ත් මුණසිංහanuraadhha dhushyanth munasinha
Lyrics:
අශාන් තර්කනashaan tharkana

Lyrics

පෙම් කල සිත ළඟ කඳුළු තියාලා
ඈත් වෙලා දුක වැඩි කරලා//
සුවඳ පවා නැත රැඳිලා සිහිනේ
සැඟවිලා මගෙ හිතට හොරා...

නොපෙනී කොහේ සැඟවී ගියේ
මා දමා ඔබ යාවිදෝ
ජිවිතේ මගේ ජිවිතේ
පැතු ආදරේ නැති වීලාදෝ...

හැරදා ගියදා තනිකම දැනුනා
නෙතු අතරින් මගේ කඳුළු වැටී
හීන තියේ හිත ඇතුලේ හිර වී 
සැබෑ නොවී ඈතටම ඇදී
ඔබ දුරස් වෙලා වෙන හිතක් හොයා
හැමදේම දමා මැකිලා...

නොපෙනී කොහේ...

පෙර ලෙසේ රැඳුනා නම් ළඟට වී  
සිටියා සේ ඔබ මගේම වීලා
රැඳිලා දුක දැනේ යලිත්
ඔබ දැනීලා හිත තනිකරදා
කාටත් නොකියා ඈතටම වෙලා ඔයා...

නොපෙනී කොහේ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.