පෙම් හීන මල් පිපෙන මාවතේpem hiina mal pipena maawathee

Pem Heena Mal Pipena

Lyrics

පෙම් හීන මල් පිපෙන මාවතේ
අපි ආදරෙන් උන්නු කාලයේ
හොරහෙන් ආදරෙන් බලනා
රහසින් ලන් වෙන්න සිතනා 
මතකයි නේද පෙම්වන්තයෝ....
සිරිලාලේ සිත්මානේ සීරුවේ
දගකාරකම් පුරන ආදරේ
හොරහින් ආදරෙන් බලනා
රහසින් ලන් වෙන්න සිතනා 
මතකයි නේද පෙම්වන්තයෝ ...

ගග ලග ඉදගෙන ගී මුමුනා
ඔබෙ අත ගෙන අවිදිනවා....//
වේදනා දැනූනේ නෑ
පාලුවක් සිතුනේ නෑ....//
වෙලීලා පෙමින් බැදුනු සංසාරයේ......

ඔබ ලග නැතිවිට සතුටක් නෑ
ඈත්ව යන්නට සිතුනෙම නෑ...//
ආදරෙන් හිස අත ගා
චාටු බස් කොදුරාලා...//
ලන වෙලා පෙමින් බැදුනු මේ හීනයේ....

පෙම් හීන.........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.