පෙම් හීනpem hiina

Pem Heena

Music:
දුලිප් මිරැන්ඩෝdhulip miraendoo
Lyrics:
දෙනුවන් පෙරේරාdhenuwan pereeraa

Lyrics

පෙම් හීන මල් පිපෙනා මාවතේ
අපි ආදරෙන් උන්නු කාලයේ
ඔබෙන් පෙම්කතා ඇසුණා
හදේ රූ රටා මැවෙනා මතකයි නේද 
පෙම්වන්තයෝ......
සිරියායේ සිත්මානේ සීරුවේ
දඟකාරකම් පුරන කාලයේ
හොරැහින් ආදරෙන් බලනා
රහසින් ළංවෙන්න සිතෙනා
මතකයි නේද පෙම්වන්තයෝ......

(ගඟ ළඟ ඉඳගෙන ගී මුමුණා
ඔබේ අත ගෙන මම ඇවිදිනවා......//)
(වේදනා දැනුනේ නෑ පාළුවක් සිතුනේ නෑ......//)
ළං වීලා පෙමින් බැඳුනා සංසාරයේ......

(ඔබ ළඟ නැති විට සතුටක් නෑ 
ඈත්ව යන්නට සිතුනේම නෑ.......//)
(ආදරෙන් හිස අතගා චාටු බස් කොඳුරාලා......//)
ඔබේ ආදරේ දැනුණා මේ ජීවිතේ......

පෙම් හීන මල්......


Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.