පෙම් බැන්ද සිත් බැන්දpem baendha sith baendha

Pem Benda Sith Benda

Lyrics

පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා

පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා

රන් තාරකාවෝ ‍… දෙනෙතේ රැදුනාවේ ‍…
මේ සොදුරු සිහිනේ ‍… කවදා ඉටු වේදෝ ලදේ ‍…
නිම් හිම් නැතේ ‍… සෙනෙහෙ ලයේ ‍…
මන්දෝ ලදේ ‍… සැගවී ගියේ.

පෙම් බැන්ද හින්දා ‍… ඉන් මා දැවුනාවේ ‍…
මේ සොදුරු පියසේ ‍… නොඇසේ මිහිරි ගියේ ‍…
හැගුමන් මගේ ‍… ඔබ හා බැදේ ‍…
පැවතුම් ඔබේ ‍… නොදනී ලදේ ‍…

පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා

පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා ‍…

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.