Lyrics
පෙම් බඳින්නේ ඇයි හිත පුදන්නේ ඇයි
මගේ වෙන්නැති නම් කවදාවත්
සිප ගන්නේ ඇයි ළං වෙන්නේ ඇයි
අපි අපේ නොවේ නම් කවදාවත්.......
ජීවිත ගමනේ අප හමු වූ පරිදි
මං ළං වූවා ඔබට දිනෙන් දිනේ
ඔබ මගේ යයි කීවා මම ඔබේ යයි කීවා
අපි අපේ වුණා සතුටින්
(අද දින දින මාවෙතින් ඔබ නික්මේ......//)
සාගර රළ සේ පැතුම් බිඳේ අහසේ
මං හැඬු කඳුලැල් ඔබ නොදකී රහසේ
ඔබ වෙන්වනු දැනුණා මගේ හදවත හැඬුවා
කෝ අපි මැවූ ලෝ ළඳුනේ
(අද දින දින මාවෙතින් ඔබ නික්මේ......//)
පෙම් බඳින්නේ.........