පෙම් අප්සරාවෝpem apsaraawoo

මල් සලා සිනාවේ - Pem Apsarawo

Lyrics

පෙම් අප්සරාවෝ - මල් සලා සිනාවේ 
ආදරේ සිතාරේ - ගුම් නඟාවි ජීවෙ 
හෝ හෝ හෝ හෝ // 
පෙම් අප්සරාවෝ........ 

සත්සරේ හඬින් පිරී - වදන් ඔබේ 
මත් කෙරේ සවන් මගේ - රසින් ඉබේ...// 
මහද අරණ සුවඳ කරන 
සුළඟ රැගෙන හනික එන්න 

පෙම් අප්සරාවෝ - මල් සලා සිනාවේ 
ආදරේ සිතාරේ - ගුම් නඟාවි ජීවෙ 
හෝ හෝ හෝ හෝ 
පෙම් අප්සරාවෝ........ 

රන් තරු නිධන් කෙරූ - දෑසෙ මං 
කල් බලා නිසල් සුවේ - වාස වෙම්...// 
රතී රඟන නිතඹ සලන 
සොඳුරු පියඹ රන් කිරිල්ලි 

පෙම් අප්සරාවෝ - මල් සලා සිනාවේ 
ආදරේ සිතාරේ - ගුම් නඟාවි ජීවෙ 
හෝ හෝ හෝ හෝ // 
පෙම් අප්සරාවෝ........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.