පායන්නම් දිවිතුරා ආදරේ දෙනවානම්paayannam dhiwithuraa aadharee dhenawaanam

Payannam Divithura Adare Denawanam

Lyrics

පායන්නම් දිවිතුරා ආදරේ දෙනවානම්
මුමුණන්නම් සනසන්නම් පාවෙලා නොයනවානම්
ගිලිහෙන්නම් නුඹ ළඟින් ඈතට නයවානම්
පායන්නම් දිවිතුරා ආදරේ දෙනවානම්

දුර යනවානම් ඈතට ළඟින් ඉන්නෙපා
හිත තවනා පෙම් සෙනෙහස යළිත් දෙන්නෙපා
කවි කියනා ඔය ඇස් දෙක ඉවත ගන්නෙපා
පායන්නම් දිවිතුරා ආදරේ දෙනවානම්

පාවෙන සිතුවිලි එක් කළ සෙනෙහස විඳින්නෙපා
හැරදා වෙනතක දිවගිය මතකය ගෙනෙන්නෙපා
අහසක් තරමට පෙම් කළ ඇස් දෙක තෙමන්නෙපා

පායන්නම් දිවිතුරා ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.