පායන සඳ වටකර තරුව වගෙයිpaayana sanda watakara tharuwa wageyi

Payana Sada Watakara

Lyrics

පායන සඳ වටකර තරුව වගෙයි
මුහුණ පෙනේ දිළිසෙන තාලේ
ආදර බඹර කොකිල ගමන නිසා
හිත වැටුනා ඔබෙ හොඳ කාලේ
තාලෙට අඩිය තියමු පම් පම් ගා
ෂෝක් එකේ බැඳලා කසාදේ
ඒ දැක ගැහැණු පිරිමි අපගේ දිහා
රවල බලයි මගේ සුදු මැණිකේ

මගේ හොඳ කාලේ සිකුරා නළලේ
අද මගේ බඹරේ කැරකෙයි වැල්ලේ
ස්ථිර ආලේ තව මෝරන්නේ
කපුකම මාගේ සුන්වී යන්නේ
අපෙ හොඳ කාලේ සිකුරා නළලේ
අද අපෙ බඹරේ කැරකෙයි වැල්ලේ

සෝබන ලපටි කෙහෙල් දල්ල වගේ
ගේ මුල්ලේ ගැහැණු හැදෙන්නේ
ඒ දුටු කපටි පිරිමි අප රවටා
මහ පාරේ හිඟා යවන්නේ
මේ බව නොදැන ලොවේ අපරාදේ
ගැහැනිටමයි වැරදි කියන්නේ
මා පැණි වරක මදුල ටිකිරි සුදෝ
ඔබ නැහැනේ එහෙම කරන්නේ

නැහැ පණ මාගේ
ඇස් දෙක වාගේ
ගෙනයමු දීගේ
රන්රස වාගේ
පොල්කටු මාලේ
වැටුනා බෙල්ලේ
ඔබ මගේ අල්ලේ
මූඩිය හිල්වේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.