Lyrics
පායනා පුන්සඳ පැරදෙනා
ඔය සුදු මුව කොයින්ද සුකුමාලී
හැඩ වෙනා දුටු මන පොළබනා
කොළඹින් ආවද මේ රූ රාජිනී
ගැස්සෙන වරළස විහිදෙන
ලස්සන ඔබ දෙස බලමින
අන්ද මන්ද වුනි මගෙ මන රූ සිරිනේ
ගැස්සෙනා ලැම පැද්දෙනා
ඔබ කොයි සිට ආවද ලළනාවී
මසිත වද වෙනා දැහැනින් මුදවනා
ඔය රුව දුටු විට දඟකාර ගැටිස්සී
යන එන මගතොට විමසන
මගෙ දෙස යන ඔබ නොබලන
කරුන කියනු මැන සුරතල් අංගනාවියේ
ගැස්සෙන විදිහ දැක්කම මචං
ඒ තාලෙට යකඩ යකා නටනව බං
එ වනන වැනිලි දැක්කානම්
ශුවර් එකටම උබත් ෆුල් හින්දුස්ථාන්
පායනා පුන්සඳ පැරදෙනා
ඔය සුදු මුව කොයින්ද සුකුමාලී
හැඩ වෙනා දුටු මන පොළබනා
කොළඹින් ආවද මේ රූ රාජිනී
ගැස්සෙන වරළස විහිදෙන
ලස්සන ඔබ දෙස බලමින
අන්ද මන්ද වුනි මගෙ මන රූ සිරිනේ//