පාවී ඇදී එන්න ආයේpaawii aedhii enna aayee

Pawi Adi Enna Aaye

Lyrics

(පාවී ඇදී එන්න ආයේ මාගේ දෑසේ යාවීලා
පීදී සැලී රෝස යායේ පාවේ 
දෑසේ සිහින චායා..//)

මාදන් කැලේ ලා නිල් තලා හේදාවේ 
පාසල් වියේ ඈ හා එදා මේ වාගේ 
බාලේ ඈත ලොවේ පාවී දෑස තෙමේ 
සිත පාවී

පාවී ඇදී එන්න....

රෑනින් මිදී ආවේ අරුණු හෝරාවේ 
සිහිනෙන් වගේ පාවී මියුරු ගී රාවේ 
බාලේ ඈත ලොවේ පාවී දෑස තෙමේ 
සිත පාවී

පාවී ඇදී එන්න....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.