පවසනු ප්‍රේමීයේpawasanu preemiiyee

Pawasanu Premiye

Music:
අකි විශ් හේගොඩaki wish heegoda
Lyrics:
ශා විරාජ්shaa wiraaj

Lyrics

දුටු මුල් දින නුඹගේ සිනහා මා ඈතින් සොයා ආවෙමි 
නැවතත් හැරී නුඹ සොයාලා දෑසේ චායා මා හා වෙලීලා
සැනසුණා නුඹගේ රුව දෙස බලා 
මාගේ නින්දත් සොරා ගත් ඔයා
(පවසනු ප්‍රේමීයේ සිත මගේ ගෙන ගියේ 
ඇයි කියාලා කියන් කුමරියේ......//)

ඔබේ සිතද ආවේ කියාගන්න බෑ මා
එනමුත් ගොළුයි ආදරේ
සදාකාලේ මාගේ වෙලා ඉන්න පතමි
සහකාරි මාගේම වූ
නිදහසේ පිවී පියඹා ගියත්
නුඹෙන් දුර යන්නේ නෑ වෙන් වෙලා......
(පවසනු ප්‍රේමීයේ සිත මගේ ගෙන ගියේ 
ඇයි කියාලා කියන් කුමරියේ......//)

සුසුම් වාගේ රන් වී ඔයා ඉන්නවා නම්
මමත් හිඳිමි සුසුමේ වෙලී
තවත් ළඟට ළං වී ඔයා ඉන්නකෝ දැන්
කෙහෙරැල්ලේ වාගේ වෙලී
තනිවෙලා ඉන්න නම් බෑ තවත්
යන්නෙපා ඈත නම් මා කෙරෙන්......
(පවසනු ප්‍රේමීයේ සිත මගේ ගෙන ගියේ 
ඇයි කියාලා කියන් කුමරියේ......//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.