පාවඩ දාලා පා ඔසවාලාpaawada dhaalaa paa osawaalaa

Pawada Dala Pa Osawala

Lyrics

පාවඩ දාලා පා ඔසවාලා 
මංගල යුවල පැමිණ සිනහා නගාලා 
කෝමල ලීලා ආදර පාලා 
අත දී සෙත් පතන්න තෑගී පුදාලා...

බලන්නකෝ මනාලි පරෙවි ළඳක් වාගේ 
කියන්න බෑ උජාරු මේ මනමාලයාගේ 
පොරොන්දමක්ද මේක බ්‍රහ්ම පුත්‍රයාගේ 
විවාහ යෝගේ සුබයි සුබයි...

පාවඩ දාලා...

තබන්නේ මොටද විදුලි පහන් ගෙදර ඇගේ 
නිකන්ම එළිය වැටෙයි ඈට අයිති ඒ ගේ 
සුන්දර ආසිරි පතයි ජයෙන් ජයයි දීගේ 
විවාහ යෝගේ සුබයි සුබයි...

පාවඩ දාලා...
බලන්නකෝ මනාලි...
පාවඩ දාලා...////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.