Lyrics
කව්රුත්ම නෑනේ මට පෙම් කරන්නේ
මේ කුරිරු ලෝකේ මං තනිවෙලා.....
පව්කාරකමද මේ හිත තාම සොයනවා
දුපකත්කමක් නිසා හිත වන්දි ගෙවනවා
හිත පුරා ළං වෙලා ආදරේ දුන් ඔයා
අද මෙසේ වෙන් වෙලා ගියේ දෛවයයි කියා
දෛවයකට ඉඩ දීලා යන්නම් මං මියැදිලා
ඉන්න සතුටින් ඔයා ජීවිතේ ඇති තුරා......
දවසක් දා මතකයිදෝ අපි පන්සල් ගිහින්
කීවා ඔබ මාගේ වෙන්න රත්තරනේ මතු භවෙත්
මලක් පූජා කෙරුවේ මා මගේ වෙන්න ඔබ කියලා
බොඳ වුණාදෝ සිහින මාගේ අඩුව මිල මුදල් ඉතින්.....
පව්කාරකමද මේ හිත තාම සොයනවා
දුපකත්කමක් නිසා හිත වන්දි ගෙවනවා......
රිදවූවත් ඉවසගන්නම් දුක හුරු නිසා හොඳින්
සැනසෙන්නම් මතක අතරින් ඉරණම එයයි ඉතින්
දරාගන්න බෑනේ හදවතයි රිදුම් දෙන්නේ
ඔබගේ දුරකථනෙත් දැන් නෑ වැඩ කරන්නේ......
පව්කාරකමද මේ......