Lyrics
හිත පුරා සෙනෙහසින් ඉන්නම් මග බලන්
පෙරදා කළ තරම් ආදරෙයි තවම මං
නොහැඟෙනා පෙම මගේ ඔබටමයි තව තවත්
පැතුවත් සෙනෙහසක් හිමිවුණේ මිරිඟුවක්......
පෙරදාක මාගේ ලියූ ඒ සෙනෙහේ
යළි නොඑන සේ අද ඈතට වෙලා
ඔබ ගියත් හැරදමා සිටිනවා මග බලා
ආදරේ දුක දරන් තනිව මා හඬනවා......
පෙරුමන් පුරන්නේ මා සිත සොයන්නේ
ඔබේ නෙත් දෙකයි සැමදා ආදරෙන්
ඔබ දුන් පෙම් හැඟුම් මතකයේ හිර කරන්
පාළුවේ දුක දරන් තනිව මා හඬනවා........
හිත පුරා සෙනෙහසින්.......