පැතු සෙනෙහේpaethu senehee

Pathu Senehe

Music:
සසිඳු ගුණවර්ධනsasindu gunawardhhana
Lyrics:
එරෝල් ජයවර්ධනerool jayawardhhana

Lyrics

පැතු සෙනෙහේ නිම වීලා 
දෙනෙතට කඳුලක් ගෙන දීලා
සමුගෙන ඔබ මවෙතින් ගියදා 
ජීවිතයේ මග මට වැරදුනා
ආදරේ මා දමාලා ගියා 
ජීවිතයේ දුක මට ලං කළා......

ළං වෙලා ඔබ කීව පෙම් කතා 
මා ළයේ උණුහුමට හැංගිලා
පෙර එදා මගේ හද මත් කළා 
අද ඔයා මගේ හද බිඳ දමා
(මේ භවේ පුරා පැතු ආදරේ ඔයා 
මට යන්න බෑ ඔබෙන් වෙන් වෙලා.....//)

හැමවෙලේ ඔබේ රුව මැවෙනවා 
පාළුවෙන් මා තනිව දැවෙනවා
නෙතු මගේ ඔබේ රුවම සොයනවා 
කඳුල පමණක් මගේ දුක දන්නවා
(හැරයන්න නම් ඔබ ඇයි ළං වුණේ 
රිදවන්න මට මුළු ජීවිතේ....//)

පැතු සෙනෙහේ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.