පැතූ ලොවpaethuu lowa

Pathu Lowa

Music:
දර්ශණ වික්‍රමතුංගdharshana wikramathunga
Lyrics:
නදීක ඇසුරුමුණිnadhiika aesurumuni

Lyrics

පැතූ ලොව අද අපට හිමි නැති 
නොපැතූ ලොව අප ළඟට වී ඇති
නුඹත් නොසිතූ මමත් නොසිතූ
ලොවක් ළඟ අප නැවතී
සොඳුර මේ අප දෛවයයි....

මමත් නුඹගෙයි නුඹත් මගේමැයි 
කියූ ආදර කතාවක් 
නුඹට හිමි නැති මටත් හිමි නැති
වැරදි නෑ අපි කව්රුවත්...

පැතූ ලොව අද....

නුහුරු නුපුරුදු හැඟුම් මියැදී
ලං වී හද සෙනෙහසින්
දිනක් ඒවි අපි අපේ වෙන
කාලයට දෙමු අපි ඉඩක්....

පැතූ ලොව අද....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.