Lyrics
පාට දේදුනු සේදිලා
ඈත කඳු යායේ
සීත රෑ සඳ පීදිලා
නීල තරු යායේ
නීල තරු යායේ
ඈ ලවන් තෙරේ
සෝ ගී සුසුම් නැඟේ
මීදුම් වලා ලෙසින් පාවී
ඈතින් හැපී බිඳේ
පාට දේදුනු.../
මා නුවන් දියේ
පීනා නැගෙන් සඳේ
පායා දුරින් ඇදී ඈ මෙන්
පාවී නොයන් සඳේ
පාට දේදුනු.../