පාට දේදුන්නේpaata dheedhunnee

Pata Dedunne

Lyrics

පාට දේදුන්නේ පාට සේදීලා
මේ ඹබේ මූණේ පිට ගෑවිලා
අත් දෙක ඔබ හට භාර වේ
ආදරේ හීනෙකී නොවේ මා දෑසේ //

කන්දේ ලන්දේ ඕවිටේ ඇල්ලේ ගඟුලේ සාගරේ
දැක්කේම ඔබේ රූ සිරි 
පීදෙන මේ මල් යායකින් හෝ ගානා වැහි කෝඩයකින්
දැක්කේම ඔබෙ රූ සිරි
මා හා මේ සසරේ එන්නේ මේ ප්‍රේමේ නිසා 
මල් වැස්සේ මා නෑවෙන්නේ මේ ප්‍රේමේ නිසා

පාට දේදුන්නේ .....

ආදරේ හීනෙකී නොවේ මා දෑසේ //
මල් හී විද්දේ කාටදෝ කව්දෝ දුන්නේ ආදරේ
පින් පාට මුහුණේ ඔබේ 
පෙම් ඉතිහාසේ ලියවෙනවාදෝ මා නමින්
මේ ප්‍රේම මන්දිරේ
මා හා මේ සසරේ එන්නේ මේ ප්‍රේමේ නිසා 
මල් වැස්සේ මා නෑවෙන්නේ මේ ප්‍රේමේ නිසා

පාට දේදුන්නේ .....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.