පස් මහා බැලුම්pas mahaa baelum

Pas Maha Belum

Music:
අමිල නිදහසamila nidhahasa
Lyrics:
අමිල නිදහසamila nidhahasa

Lyrics

ශ්‍රී ලංකා......

පස් මහා බැලුම් බැලූ පුණයවන්තයන් නෙලූ
පස් කඳන් රසේ ගිලූ මනු සොබාදමේ ගිලූ
හුස්ම දුන්නු මාගේ අම්මා වාගේ උන්නු
මාගේ මව්බිමේ........

නිල්ල පැහැ ගොයම් කෙතේ සාර වූ පොළෝ තලේ
අරිය ජන ශිලා බෝ මවාලා අද්මතින් ලිහිල් වුණු
කාන්යාදී පල දැරූ කුසගිනි පුරා ගිනි තැබූ සොබා......

පස් මහා බැලූම්......

ඒක ඝංටා නාදයේ ඒක නාදයක් ඇසේ 
ලෝකවාසී දෙවිවරුන් අවඩා
ලෝ පුරා සිනා පිරූ හද පවා බොහෝ උණු
සංවේදී මනුදමක් මැවූ සොබා.......

පස් මහා බැලූම්......
හුස්ම දුන්නු මාගේ අම්මා වාගේ උන්නු
මාගේ මව්බිමේ........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.