පිළිම වහන්සේpilima wahansee

Pas Gadolin Benda

Lyrics:
විකුම්ප්‍රිය පෙරේරාwikumpriya pereeraa

Lyrics

පස් ගඩොලින් බැඳ දිලිසේ
දහ අට රියනින් අහසේ
නෙත් තැබු පිළිම වහන්සේ
ඇස පිනවනවා දෝ සිතකට නෑසේ

දිය ඉසි මල් පුද කෙරුනේ
මිහිරෙන් බුදු ගුණ ගැයුනේ
අභියස පිළිම වහන්සේ 
කන පිනවනවා දෝ සිතකට නෑසේ

හුනු දිය පස් ගෙන ලෝකේ
බැති සිත් ඉදිකල නොහැකේ
සිත තුල පිළිම වහන්සේ
ඉදිවෙනවා දෝ ඇසකට නොගැසේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.