පරිස්සමට තියාගන්න හිත මට දිලාparissamata thiyaaganna hitha mata dhilaa

Parissamata Thiya Ganna Hitha Mata Deela

Lyrics

පරිස්සමට තියාගන්න හිත මට දිලා
හදිස්සියට සෙනෙහස නුඹ දුර අරන් ගියා
කඳුළු බිංදු එකතු කරමි ඇස් දෙකට හොරා
සුසුම් මියෙන මොහොතෙදී ළඟ ඉන්නයි ඕනා

කඳුළු ඒවි හිත ගැහේවි නුඹ මකත් වෙලා
දුරක යාවි ළඟ හිඳිවි මතක තනි වෙලා //
රණ්ඪු වලත් අප දුටුවේ ආදරය තමා
එනතුරු මඟ බලා ඉන්නේ හීන මව මවා

පුංචි හිනාවම මගේ මුළු ජීවිතය උනා
අපි දෙන්නට දෙන්නා උන්නේ පණ වගේ එදා //
හිතේ හිර කරන් මෙතුවක් කල් නුඹ තැවුනා
ඉඩෝරයට අහස හරිම ආදරේ කළා

පරිස්සමට තියා ගන්න ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.