Lyrics
(පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ
ගඟුල් තලේ නැත හැරිලා ගලන්නේ
දවසක් ගතවුණා කියා හිරු අවරේ ගිලී ගියා
සැමදා නැත සඳ පායන්නේ...//)
(රෑන ගිරව් රෑන පිටින් ඉගිල ගියාදෙන්
සිහින විමන් සිහින ලොවෙන් මිදී ගියාදෙන්...//)
සීත සුලං සීතලයේ හමා ගියාදෙන්
ඉන්න තුටින් එකතු වෙලා ඉඳිමු විනෝදෙන්
පරවුණු මල් නැවත නැතේ....
(කාසි පණම් අතේ මිටේ ලැබෙයි කියාලා
වාසි නොවී අවාසියක් වුණයි හිතාලා...//)
ශෝක නොවී ලද පමණින් සතුට සොයාලා
ප්‍රීති සිනා සීනු හඬින් ගයමු වයාලා
පරවුණු මල් නැවත නැතේ....//