Lyrics
පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ
රට වටිනා ලිය දෙල් නෙලනා
අතේ තිබුණු රන් සුළැඟිළි තණ්ඩිය
අත්තෙන් අත්තට මාරුවෙනා
කනේ තිබුන රන් පුස්කොළ තෝඩුව
ගුවන් තලේ උඩ නාද කරනා
අම්මාට පින් ඇත මේ දුව තැනුවාට
මහ මුහුදේ බැස දිය නානා
මහ මුහුදේ බැස දිය නානා
මුහුණ මුකුළු මුවරද ළඳුනේ
මගෙ මුහුණ බලන්නැති කරුණා කිමා
මුහුණ පිරූ යස සිනා මකා නුඹ
මුහුණ වසන් කළ කරුණා කිම
මුහුණ කන්න ආ රකුසෙකු නොව මම
මුහුණ බලාපන් මෙන්න මෙමා
මුහුණ බලාපන් මෙන්න මෙමා
ඉන්න හිටින්නට ගේ දොර ඇත මට
සොරබොර වැව් ඉස්මත්තේ හොදින්
කන්න අදින්නට දෙන්නට හැක මට
අම්මට බය නැති වෙන්ට කියන්
දෙන්න කියන් කරකාරෙ බදින්නට
නැකතට එන බක් මහට කලින්
නැකතට එන බක් මහට කලින්
පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ
රට වටිනා ලිය දෙල් නෙලනා
අතේ තිබුණු රන් සුළැඟිළි තණ්ඩිය
අත්තෙන් අත්තට මාරුවෙනා
කනේ තිබුන රන් පුස්කොළ තෝඩුව
ගුවන් තලේ උඩ නාද කරනා
අම්මාට පින් ඇත මේ දුව තැනුවාට
මහ මුහුදේ බැස දිය නානා
මහ මුහුදේ බැස දිය නානා