පරසතු කුසුමක්parasathu kusumak

Parasathu Kusumak

Lyrics

පරසතු කුසුමක් මා තුරුලට ආවා
ලෝකය මොහොතක් නතර වුනා
දියණි දෙනෙත් සැලුනා
අප යළිදු උපන්නා ඒ දියණි නිසා

උයන් පුරා මල් සුවඳ ඉසිනවා
රුවන් වලාවන් යහන සදනවා
ඇසින් කඳුළු වී සතුට ගලනවා
සුළං සමග දූ කුමරි නිදනවා //

පරසතු කුසුමක් .....

සව්දි සියලු යස ඉසුරු කිරුළුලා
නොවිදි මහිම දියණිය ගෙන එනවා
ලොවම එරෙහි වෙද මේ දුක පිසදා
දියණි යළිළදු අපගේ ලොව වෙනවා //

පරසතු කුසුමක් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.