Lyrics
පරණ කෝට් - පරණ කෝට්
පිත්තල පොත්තම් කැඩිච්ච - මුලෑදෑනි පරණ කෝට්
මෙන්න ගෙනාවා - මෙන්න ගෙනාවා
දොස්තරවරු - මන්තිරිවරු - පෙට්ටගමක් විතර මහත
අබ්බගාත් ජෙන්ටල්මන් - දියෙන් ගොඩෙන් රොකට් එකෙන්
අරන් ආව අණ්ඩ දමා - කට්ටකුමංජල් අල්ලා රක්ෂා කළ
කළු කලිසම් පරණ කෝට්- මෙන්න ගෙනාවා
නාකි වෙච්ච රූ රැජිණක් - බ්‍රහ්මදත්ත රජ කාලේ
සැන් පවුඩර් සුවඳ කැවූ - සාරි සැට්ට සාරි ගවුම්
කිතුල් රෑන් වගේ හවරි - මෙන්න ගෙනාවා
එංගලන්තෙ පරණ පැටන් - කොලොම්පුරේ අළුත් පැටන්
කොලොම්පුරේ පරණ පැටන් - මේ පැත්තේ අළුත් පැටන්
ඇමති කමට තට්ටු වෙලා- දැන් හොදටම කෙට්ටු වෙලා
ඇමති කාලෙ ඇන්ද ඇදුම් - මෙන්න ගෙනාවා
රාජකීය උණුසුම ඇති ඇඳුම් ගෙනාවා