පරමල්paramal

Paramal

Music:
රුවින්ද සත්සරruwindha sathsara
Lyrics:
රත්න ශ්‍රී විජේසිංහrathna shrii wijeesinha

Lyrics

පඩි පෙළින් බැස් අයින් වී එන්න
අලුත් මල් පොකුරු අරගෙන එන්න
පින්වතුනි, එන අයට ඉඩ දෙන්න 
එපා පර මල් පයින් පාගන්න

බලන් මේ මල්හි පරමල් සුවඳ
කැඩුණු පෙතිවල තිබෙන මුදු මෙළෙක
මහලු මවු කෙනෙකුගෙ මුව රැඳුණ
සිනාවක් සේ ප්‍රේමයෙන් පිරුණු

මලානික මල් රේණුවල පෙනෙන
අපිරිමිත පැතුම්වල මුහුණුවර
සිය දහස් අත්වලින් පුදන ලද
උතුම් මිනිසත්කමේ ගුණ සුවඳ
බලන් තවමත් සුවඳ දෙන මහිම!

පඩි පෙළෙන් බැස අයින් වී එන්න
තිබේ පුදසුන හිස්ව ඔබ පිණිස
අලුත් මල් පොකුරු දෝතින් ගන්න
එපා පරමල් පයින් පාගන්න

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.