පැරදිච්ච මා එක්ක පැරදිච්ච ජීවිතේpaeradhichcha maa ekka paeradhichcha jiiwithee

Paradichcha Ma Ekka

Lyrics

පැරදිච්ච මා එක්ක පැරදිච්ච ජීවිතේ
හිමිවෙච්ච හැමදේම ගිලිහෙච්ච දෙන් ඔහේ..
සංසාරේ හුරුකමට රැවටෙන්න ඇති මෙහෙම...
ඔබ ආදරේ කියල කිවුවා වගේ...
පමා වෙලා හෝ දිනක් ඇතොත් මා
හොදයි කියා හිතෙනා....
කිසිත් එපා ඔබ හොදින් කියා මට 
කියන් වරක් අමතා...

කාලයට ඉඩ දීලා ඉන්නේ බලා..
ප් ‍රේමයට අවසානයක් නෑ සිතා..
ඔබ කීව හැමදේම වූවත් මුසා...
මං හිතුවෙ නෑ යන්න ඔබ රිදවලා...

ලෝකයම පවසාවී නොසිතූ කතා...
මා නමුදු ඔබ රකිමි මුනිවත දරා
මට අයිති නැති හිතක හිමිකම පතා..
වදදෙන්න බෑ ඔබට ඔබ ඉල්ලලා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.