පපුව මැද්දේpapuwa maedhdhee

Papuwa Madde

Music:
රංග බදනාරච්චිranga badhanaarachchi
Lyrics:
එරංග මදුශංකeranga madhushanka

Lyrics

පපුව මැද්දේ හුස්ම රස්නේ
හොදින් දැණුනේ ඔබෙන් ළදුනේ
මගෙම කියලා රහස් කොදුරා
රෝස කම්බුල් හිමින් සිඹිනා
පැතුම් පුරවා සිහින අහුරා
බලන් ඉන්නම් නුබම පතලා
(ආදරෙයි මං නුඹට හැමදා
නුඹේ ඔය ඇස් මටම ලියලා)//

දුකක් දැණෙනා විටෙක හැමදා
මටත් කලියෙන් මාව රැක්කා
ජීවිතේ මා මෙතෙක් කිසිදා
නොදුටු පැත්තක් ඔබෙන් දැක්කා
(ආදරෙයි මං නුඹට හැමදා
නුඹේ ඔය ඇස් මටම ලියලා)//

අපෙන් තොර වු ලොවක් කිසිදා
නුබට වාගේ මටත් නැතිවා
හුස්ම වැටෙනා තුරුම නුඹ හා
ළඟම ඉන්නම් සසරෙ හැමදා
(ආදරෙයි මං නුඹට හැමදා
නුඹේ ඔය ඇස් මටම ලියලා)//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.