පණිවිඩයpaniwidaya

Paniwidaya

Music:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
Lyrics:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

Lyrics

ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ...

ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ
ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ 
යාලුවෝ සාගරේ මීවිතේ වේ භාවිතේ 
නොමනා ක්‍රියා වැඩි වුනේ 
පාසැලෙනුත් මා නෙරපුනේ 
පාප මිත්‍ර මාරකේ මා නැවතුනේ පෝරකේ
ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ

කළ පවු වලට පසු තැවී 
බිත්ති හතර අතරට කොටුවී 
දෙමවුපියන් සිහිවේවී ගතවිය කාලය දුක පේවී 
පිළිගත්තානම් එදා මවුපියන් දුන් ඒ අවවාදේ 
සමාජයෙන් නැගෙන්නෙ නෑ මේ අවලාදේ 
ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ

නිදහස ලැබුනි තටු ලැබී මදහස ලැබුනි මුව පිරී 
සමාජයට බරක් නොවී හොඳ ජීවිතේ අරඹමී 
මනුසත් කමින් සදා මා හදේ දෙයි ඒ නිම්නාදේ 
යලිත් වලේ වටෙන්නෙ නෑ මින් මතු ආයේ

ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.