පැණි රස කාලා (තිත්තයි පැණි රසයි)paeni rasa kaalaa (thiththayi paeni rasayi)

Pani Rasa Kala (Thiththai Panirasai)

Lyrics

(තිත්තයි පැණි රස කාලා 
තණමල් රේණු ගොඩක් ගසලා 
කදිමයි රතු සරුවත් බීලා 
ඔට්ටුයි සෙනෙහස පාවීලා...//)

සුදු අසුපිට මම යන්නම් 
හැංගි මුත්තන් සෙල්ලම් බත් කන්නම් 
ඕක ඔතලා ගනින් සුදු මල්ලියේ 
ගත්තේ රවුන් කඩ වීදියේ හන්දියෙන් 
පාවෙයි සුළගේ පැතිරේවී 
සැවමදා සවනේ රැව්දේවි ගීතනාද 
නොම නවතීවි ඈතට යාවී පාවී පාවී...

පපුවේ පත්තුවෙන දුක් ගිනි කන්දයි
සුරලොව සැප සොයාගෙනම යන්නයි
අපේ පස්සෙන් පන්නයි 
දෙන්නේ සීනිබෝල මට කන්නයි....

තිත්තයි පැණි රස....//

සෙල්ලමට දුව පැන යන්නම්
ඔච්චම් වැඩි කර දැන් පෙන්වන්නම්
ඔන්න දැන් ඉද්ද මල් කඩා
පිච්ච මල් වැටෙන් පනින්ට ඔට්ටුයි....

ප්‍රීති ගෙනැවිත් දෙන්නම්
හැංගි මුත්තන් සෙල්ලම් බත් කන්නම් 
ඔංචිලි චිල්ල මලේ 
සුදු වැල්ල දිගට දැන් නෙල්ලි කැලේ
මා නොවෙන්නේ සැලේ
රෑ බෝවී රස්තියාදු වෙන්නම්
ඔබේ ලොකු මාලුත් ජාඩි දමා කාවාඩි නාටයි
කෙල්ලේ මගේ නාඩි නටයි
මගේ නාරිලතයි පෙම් බැන්ද කතයි....

තිත්තයි පැණි රස....////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.