Lyrics
පඳුරු පඳුරු ගස් මොණරාගල මල් තනමල් විල රේණු
නිහඬව රොන් ටික උරන්න යන බඹරුන් දැක්කද යාලු
මිනිසුන් ලෝකය දකින්නේ කොහොමද කියන්න දන්නෑලු
නොදැක්ක ලෝකය තොල්පෙති අතරේ මුමුණන්නෙපාලු
පඳුරු පඳුරු ගස් මොණරාගල මල් තනමල් විල රේණු
නිහඬව රොන් ටික උරන්න යන බඹරුන් දැක්කද යාලු
මැරකම් ජඩකම් කෘර සමාජය තවමත් ලෙල දෙනවා
මුව හසරැල්ලෙන් තවත් ටික දෙනෙක් සාම ගමන යනවා
ඔවුන් පෙළන්නට කොනක තියන්නට තව අය මුල් වෙනවා
කවුරු කොහොම මුළු ලෝකෙම කිව්වත් රස්තලා රජ වෙනවා
පඳුරු පඳුරු ගස්.../
හෙට දවසක් ගැන ආඩම්බරයෙන් උගතුන් මුමුණනවා
තණ අග පිනිබිඳුවකි අපේ දිවියම මුනිඳුන් පවසනවා
පුංචි පැලෑටිය සුන්දර මිනිසුන් දකින්න ලං වෙනවා
කවුරු කොහොම මුළු ලෝකෙම කිව්වත් රස්තලා රජ වෙනවා
පඳුරු පඳුරු ගස්.../