පන්දම රැගෙන යන්න එන්න මා හදවතටpandhama raegena yanna enna maa hadhawathata

Pandama Ragena Enna

Lyrics

පන්දම රැගෙන යන්න එන්න මා හදවතට 
නෙතු දැහැන් බිදෙනා රන් සලුව ඇද
ලියතබර ලෙලවා හද මඩල යට
දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර 

මේ දුර දිවි කතරේ අතරමගදි දැකලා නැතී
රුවකට නෙත ගැටුනේ කතරට වැසි වැටෙනා දැනේ
හදවත පතුලේ යකුබෙර වැයුනෙ තම්දෙන තනෙනෙ නා
අනෙ මගෙ යකුනේ නටපන් හනිකෙ තම්දෙන තනෙන තනෙන තනානෙ 

ඉනවට බැන්දවු මුතු පොට සැලෙන කොට
පන්දම දැවෙනවා හද ගිනි ලවා ගෙන
වැහි කලුව එනවා නුබ නැතිදාට
සිත් අහසම පුරවා අන්දකාරෙක

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.